තාවකාලික වින්දනයක් ,සදාකාලික පරාජයක් උදේසා, පරිසරය දිනයකට පමණක් සමරමු

mxcp14670898_1021314214647849_256608018025423912_n

ජීවය සොබාදහම මත තීරණය වන්නනකි. එබැවින් සෑම දිනක්ම සොබාදහම පිළිඹඳව සිතා බලා ඊට අනුගත චර්යා රටාවක් ගොඩනගා ගැනීම සොබාදහමේ ජීවිතයයි. පරිසරය සුරැකිය හැක්කේ පරිසර විනාශකාරී සංවර්ධන සැලසුම් පරාජය කිරීමෙනි. එක් දිනකට පමනක් පරිසරය සම්බන්ධයෙන් සංවේදී වීම යනු තක්කඩි කමකි. දින 364ක පාරිසරික සම්පත් වැඩිවැඩියෙන් පරිභෝජනය කරමින් ස්වභාවික සම්පත් වනසා දමමින් ජුනි 05 ලොක පරිසර දිනය පිලියෙතින් පෙලගැසීම යනු තක්කඩිකම හැර අන් කවරක්ද? සන්දර්ශනාත්මක උත්සව පවත්වමින් පරිසරය සුරකින බවට ප්‍රතිඥා දීම සඳහා ලංකාවේ මෙන්ම ලෝක නායකයන්ටද පරිසරය වැනසීමේ සිය`ඵ පවු සෝදා පිරිසිදු විය හැකි දිනයක් බවට පත් කොටගෙන ඇත.

එක් දිනක් තුල පරිසරය සුරැකිය නොහැකිය. සාමාන්‍ය පුරවැසියාගේ සිට පාලකයා දක්වා පරිසර හිතකාමී චර්යාවන් සහ ප්‍රතිපත්ති සම්පාදනයකින් තොරව පරිසරයේ තිරසාර පැවැත්මක් අපේක්ශා කල නොහැකිය. පරිසර විනාශකාරී සංවර්ධන ප්‍රතිපත්තීන් තම සංවර්ධන ප්‍රතිපත්තිය කොටගත් පාලක පරපුරක් පරිසරය සුරකිනවායැයි කීම කටේ නරිවාදං රෙද්ද පල්ලෙන් බේරෙනවා වැනිය. පාලකයන් මෙන්ම ඔවුන්ගේ වන්දිබට්ටයින්ද සමස්ථ පරිසර විනාශයේ වගකිව යුත්තෝය.

වර්ථමානය තුල පරිසරය අර්බුධයට ලකවීමේ තීව්‍රතාව කෙතෙක්ද යන්න සමාජ අර්බුධයන් මතින් දැකිය හැකිය. ලංකාව පුරා වකුගඩු සිතියම ව්‍යාප්තවීම කුණුකඳු ගොඩගැසී එම කුණුකඳු වලට මිනිසුන් යටවී මිය යෑම,රතුපස්වල වැනි ජලය සහ මහපොළොව දූශනය කරන ආයතන ජනාකීර්ණ ප්‍රදේශවල ස්ථාපනය කිරීම එමෙන්ම ගංගා නිම්න වල ජලයේ ජීවය මරාදමන පරිසර විනාශකාරී කර්මාන්තශාලා ස්ථාපනය කිරීමට ඉඩකඩ සැලසීමයි. වසරින් වසර පිලිවෙලින් ගංවතුර නායයෑම් ඇතිවීම කෙතරම් වර්ශාව ලැබුනද කෙටි කාලයක් තුල නියඟ ඇතිවීම ලෝකයේ වැඩිම වායුදූශන සහිත නගර අතර මහනුවර නගරය ස්ථානගත වීම, විනාශකාරී සංවර්ධන සැලසුම් හේතුවෙන් සිදුවන සීග්‍ර ජෛව විවිධත්ව විනාශය, අලිමිනිස් ගැටුම, වැනි සමාජීය හා ආර්තික අර්බුධ රැසක් අප හමුවේ තබා ඇත්තේ තිරසාර නොවන සංවර්ධන සැලසුම් බව නොරහසකි. මුහුණු මාරුකළ එහෙත් ප්‍රතිපත්තිය පරිසරය වැනසීම කරගත් පාලකයන් මේ සඳහා වගකිව යුත්තෝ වුවද එය මහ ජනතාවට අවබෝධ වීමට ඉඩක් නොතබති. ඒ සඳහා පාලකයන් සඳහා වන්දිබට්ටයන් ලෙස සේවය කරන පරිපාලන නිලධරීන් පූජ්‍ය. පූජක සමාජ ක්‍රියාකාරීන් කලාකරුවන් මෙන්ම පරිසර වේදීන් කියාගන්නා උදවිය ජනතාව ගොනාට ඇන්දවීම ක්‍රියාවලිය ගජරාමෙට සිදු කරති. මහ පොලොවට සතා සිවුපාවා ගහට කොලට ආදරය කරන පරිසර ක්‍රියාදරයන් මෙම තත්වය ගැඹුරින් අවභෝධ කොට ගත යුතුය.

පරිසර විනාශයේ හේතුඵල සම්භන්ධය සොයා ගැනීම පරිසර සංරක්ෂනය සඳහා හේතු වන්නකි. පැලයක් සිටුවා සතුටින් විසිරයාම හෝ එක් පරිසර පද්ධතියක් බේරාගැනීම සඳහා සටන්කිරීම, එක් සත්ත්ව කොටසක් සංරක්ෂනය කිරීමෙන් පමනක් පරිසරයේ තිරසර බව තහවුරු කළ නොහැක. මෙවැනි කාර්යයකින් යම් ජයග්‍රාහී සතුටක් භුක්තිවිඳිය හැක. එහෙත් එය ඉතා තාවකාලික සතුටකි. මෙම ජන මනස හඳුනන පාලකයා බොරු පොරොන්දු සහ තාවකාලික විසඳුම් ලබාදීමට මැලි නොවෙති. ජාතික වටිනාකමකින් යුත් වනාන්තර විනාශ කරමින් වන වැස්ම සීග්‍ර වර්ධනයක් සිදුකරන බවට වහසිබස් දොඩති. එක් අමාත්‍ය මන්ඩල සන්දේශයකින් ග්ලයිෆොසෙට් තහනම්කර තමන් සමග සිටින බලවේග වීරයන් ලෙස සමාජගත කිරීමත් පෙරලා තවත් අමාත්‍ය මන්ඩල සන්දේශයකින් ග්ලයිෆොසෙට් තහනම ඉවත්කරමින් ජනතාවට කොකා පෙන්වමින් බහුජාතික සමාගම් වලට තම සුපුරුදු අවනත භාවය ප්‍රකාශ කොට ඇත.තුටු පඬුරු ලත් අරගල කරුවෝද උදහස්ව අදහස් දැක්වූ නමුත් පක්ෂපාතී මුන්වත රකින්නන් බවට පත්ව ඇත. ග්ලයිෆොසෙට් තහනම ඉවත්කිරීමෙන් මහපොලොවේ ජීවය මරා දැමීමත්, ජලයේ ගුණාත්මක බව වැනසීමටත්, මිනිසුන්ගේ ජීවිත බිලි ගැනීමටත් සලස්වා බහු ජාතික සමාගම් වෙනුවෙන් සේවය කරන පාලකයන් බවට පත්ව ඇත. පරිසරය සහ ජනතාවගේ ජීවිත සුරක්ෂිත කිරීම පසෙක තැබූ තම බඩ වඩාගැනිමේ පාලක පරපුරක් සිටින නමුත් ඔවුන් ජනතා ප්‍රසාදය විවිධ අනුසාංගික කරුණු මත දිනාගැනීමට සමත්ව ඇත. නිදසුනක් ලෙස පන්සල් යෑම, මලගම් සඳහා සම්භන්ධ වීම, ආධාර බෙදීම, ආපදා වලට ලක්වූ ප්‍රදේශ තුල සංචාරය කිරිම ජනතාවගේ සිත් සැනසීම, ආදී අනේකවිධ ලාභ සත්කාර, සන්තෝසම් ඉදිරියේ ජනතා ප්‍රසාදය දිනා ගැනීමට වන්දිබට්ට උපදේශකයන්ගේ සහය ඇතිව සමත්ව ඇත. මෙම තත්වය පරිසර විනාශයට සෘජුවම බලපා ඇත.

පරිසරය සංරක්ෂනය කරමින් නූපන් හෙට දවසට ප්‍රධානය කිරීමට නම් සිය`ඵ පරිසර ක්‍රියාදරයන් සංවර්ධනයේ නාමයෙන් දියත් කොට ඇති පරිසර විනාශකාරී සංවර්ධන සැලසුම් විග්‍රහකොට බැලිය යුතුය. වනසාදමන සෑම පරිසර පද්ධතියක්ම සංවර්ධන ප්‍රතිපත්තීන් සමග ගැටගැසී ඇත.පරිසර විනාශයම සංවර්ධනය කොටගත් ප්‍රතිපත්තීන් ලිහාබැලිය යුතු නොවන්නේද?

 මුහුදු පරිසර පද්දැතිය, කලපු පරිසර පද්දැතිය, ගොඩබිම පාරිසරික පද්දැතීන් වනසා දමන වරාය නගර ව්‍යාපෘතීන්.
 කඳු බිමට සමතලා කොට තෙත් භූමි සහ පහත්බිම් ගොඩකර වනාන්තර පාරිසරික වටිනාකමකින් යුත් වනාන්තර දෙප`ඵ කොට රටවටා දිවෙන අධිවේගී මාර්ලජාලය.
 මහා නගර නිර්මානය සහ තාක්ෂනික නගර නිර්මානය කිරීම
ජෛව විද්‍යාත්මක සහ ජල විද්‍යාත්මක වටිනා පරිසර පද්ධති ආශ්‍රිතව කුඩා ජල විදුලි බලාගාර මාෆියාව
 දුම්බර ඉඩම් මංකොල්ලය, ආදී ජාතික වටිනාකමකින් යුත් වනාන්තර ආශ්‍රිත ජනතාව නැවත පදිංචි කිරීම සහ කර්මාන්ත සඳහා සමාගම් වලට ඉඩම් අත්පත් කරදීම,
 වානිජ භෝග වගාා සඳහා අප රටට නොගැලපෙන වාන්ජ වගා හඳුන්වා දීම
නිදඃ- රටම ගිලගන්නා කටුපොල් වගාව.

2011 – 2030 දක්වා වූ ජාතික, භෞතික සැලසුම් සංවර්ධන ව්‍යාපෘතිය යටතේ සමස්ත පරිසර ප්‍රශ්නයම ගැටගැසී ඇත. එක් පරිසර පද්ධතියක් රැකගැනීමේ අරගලයකින් පමනක් සමස්ථ පරිසර ප්‍රශ්නයට උත්තරයක් ලැබෙන්නේ නැත. අප සිදුකල යුත්තේ නිවැරදි දිශාවත්, නිවැරදි අරගලයත් තොරා ගැනීමයි. එසේම මුහුනු පමනක් මාරු කිරීමෙන් මෙය සිදුකළ නොහැක්කකි. මන්ද මෙම පරිසර විනාශකාරී ප්‍රතිපත්තීන් මාතෘභූමියේ සශ්‍රීක පරිසරය මත හෙලූ පුද්ගලයන්ම පරිසරය රැකීමේ පතාක යෝදයන් ලෙස පින්තාරු කොට ජනතාවට එලිදක්වන බැවිනි. එබැවින් පරිසර විනාශකාරී ප්‍රතිපත්තීන් සහ එම ප්‍රතිපත්තීන් ක්‍රියාත්මක කල පාලකයන් පරාජයට පත් කිරීම සැබෑ පරිසර සංරක්ෂන උපාය මාර්ගය නොවන්නේද.

පූජ්‍ය වෑකඳවල රාහුල හිමි.
පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානය.

Leave a reply

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>