ප්ලෙයෝසීන වනාන්තරයක ඇවිද ගියෙමි

ගහකොළ ඇළ දොළ සතා සිවිපාවා සොයා මා වසර දහ අටක් තිස්සේ ලංකාවෙි අස්සක් මුල්ලක් නෑර අවිද ඇත්තෙමු .නමුත් මා හට ලංකාවෙි දී හෝ ඉංදියාවෙිදී හමුනොවුණ අපූරු වනාන්තරයක් ඉතාලියේදී හමුවිය. ඇල්ප්ස් කදු වලල්ලෙන් වටවු වූ ටොරීනො නගරය පුරාණ රෝම අධිරාජ්‍යාගේ නිර්මාණයකි. මෙම නගරයට කිලෝමිටර් 20 පමණ ප්‍රංශ මායිම පැත්තට වන්නට ඇත්තේ ඇල්ප්ස් කදු වලල්ලයි. විශාල් කදුයායෙන් වැහෙන් දිය දහරාවන් සියල්ල එක්කර ගෙ න එම ජලය ස්තුරා නමි ගගක් දිගේ පහලට ගෙන යනු ලබයි . ගග දිගේ ඇවිද යන විට පුරාණයේ ගග ගලා ගිය මාර්ගය දැනට වෙනස් වී ඇති බව පැහැදිලිව පෙනෙන්ට ඇති අතර වසර ගණනාවක් තිස්සේ ගග ගලන්නේ වෙනත් මාර්ගයකින්ය .
ඇලප්ස් කදු පාමුල සිට ලන්සො නිමිනය දිගේ කපස්සේ, රොබැස්සමෙිරෝ යන පුරාණ ගමිමාන පසුකර ස්තුරා ගග ඉවුර දිගේ පහලට ඇදෙනවිට වීශාල ලෙස කාදනය වූ ගං ඉවුරු හොදින් නෙත ගැටෙයි. මෑතකදි වවන ලද පයින් ගස් වලටවත් මෙල්ල නොවූ ස්තුරා නදිය ඛාදනය වී මතුකර ඇත්තේ වසර මිලියන් 5-333- 2.5 අතර කාලයට යැයි සැලකෙන ෆොසීල වී ගිය මාහා වනාන්තරයකි .
13535841_10210012895462531_864279447_n

කලු පාටීන් දිස් වනනේ ෆොසීල වී ගිය වනාන්තරයේ කොටසකිග

එතරමි ප්‍රසිද්ධියක් නොමැති වුවත් මෙය ලොකයටම වටිනා ෆොසීල වනාන්තරයකි. වසර මිලියන් 5.333- 2.5 ප්ලෙයෝසීන් යුගයේදී නිර්මාණය වුයේ යැයි සැලකෙන මෙම වනාන්තරය තුල ටොරීනො විශ්ව විද්‍යාලය මගින් දැනට පර්යේශණ කරගන යනු ලබන අතර එවකට මිලිටෙරේනියන් මුහුද වසර මිලියන් 5.96 කාලසිමාවතදී සදුවයේයැයි පැවසේන විශාල ජලගැල්මක් නිසා දැනට පොසීල ලෙෂ පවතින මෙම වනානත්රය වැලි හා මඩ වලින් වැසී යන්නට අති බව විද්‍යාත්ඥයින් මත පල කරනු ලබයි .
13552718_10210012980304652_561091686_n

ෆොසීල කොටස් නිරීක්ෂණයට ලක්කරන අතර තුර 2017 වර්ෂයේදී

ඛාදනය වන ස්තුාර ඉවුරේ පොසීල වනාන්තරය හමුවන්නේ ගං වුරේන් අඩි පහක් 10 පමණ යටට කැණිමි කරන විටය. ධැනටමත් ටොරීනෝ විශ්ව විද්‍යාලයේ කැණිමි කල ස්ථාන කිහිපයක් ඇති අතර හම ස්ථාන වලදි හමුවී ඇති පස් හා වැලි සමිපල් පරීක්ෂාවට ලක්කර ඇති විද්‍යාඥවයින් පවස්නේ ඉහත පෙන්වා දුන් කාල වකවානුව තුලදී මෙම වනාන්තරය මුහුදු වැලි හා රොන්මඩට යටවි ෆොසීල බවට පත්වී ඇති බවයි.

2007 වර්ෂයේ මර්තිනෙත්තො විසින් මෙම වනාන්තරය සමිබන්ධ කරන ලද පර්යේෂණ පත්‍රීකාවක දැක්වෙන්නේ ඇල්ප්ස් කදු වල විශාල ඛාදනය වීමි හමුවෙි මුහුදු වැලි වලට යටවූ වනාන්තරය මතුපිට ගල් හා තවත් පස් තටටි මිටර් 130 පමණ උසට ඇතමි ස්ථානවල තැන්පත් කරවී ඇති බවයි .
ෆොසීල වනානත්රයක් මිට පෙර මා විසින් අධ්‍යනය කර නෙතිබුන අතර දැනට පස්යට තැන්පත් වී ඇති මෙම වනාන්තරය සමිපුරණ ශාක වශයෙන් දැක ගැනීමට නොහැකි අතර විවිධ හේතූන් මත බීදීගිය විශාල ශාක කොටස් නිර්ක්ෂණයට අවස්ථාව ලැබිණි . වසර මිලියන පහක් ගත වුවත් ඉතාමත් හොදින් අධ්‍යයනයන්ට හසු කර ගත හැකි ශාක කොටස් විශාල ප්‍රමාණයක් නිරික්ෂණයට ලක් කිරීමට හැකි වූ අතර ගස් වල මුල් කදන් හා ගල් මත පතිතවූ පත්‍ර වල මුට්ා ඒ අතර විය.13530671_10210012978464606_1192711145_n

ෆෙසීල වී ගිය ශාක කොටස් අදටත් හොදින් දැක ගත හැකිය

ප්ලෙයෝසීන් යුගයට අයත් යැයි සැලකෙන මෙම වනාන්තරය තුල සයිප්රස් ශාක පවුලට අයති ශාක හා ඒවායේ කෙටස් හොදින්ම පර්යේශකයන් විසින් හදුනා ගන ඇත. Taxodioxylon gypsaceum නැමති විද්‍යාත්මක නාමයෙන් හදුන්වන මවු ශාක විශේෂයට අයිති ශාක කොටස් හා Glyptostrobus ඝනයට අයත් යැයි විශ්වාස කල හැකි ඇතමි ශාත කොටස් දැනට හමුවී ඇත.

කිලෝමිටර් ගනනාවක් දිග මෙම පොසීල වනාන්තරය තුල ලෝකයේ ඉතිහාසය සැගව ගොස් ඇති අතර විවිධ විද්‍යාඥයින් විසින් මෙහි පර්යේෂණ දිගටම කරගණ යනු ලබයි . නමුත් දැනට සිදු කර ඇති විද්‍යාත්මක පර්යේෂණ වලින් මෙම වනාන්තරය තුල සත්ව පොසීල කිසිවක් දැනට හමු වී නොමැත.
තවද මෙම ෆොසීල වානාන්තරයේ සිට කිලොමිටර් කිහිපයක් ඇතට යන්න්ට හුදකලා වී වනාත්තර ගත වී ඇති ඇතමි ස්ථාන වල අදටත් ප්ලොයොසීන හො මැසිනියන් කාල වලට අයත්යැයි විශ්වාස කරන මුහදු වැලි තටිටු ගණනාවක් දැකගැනීමට හැකිය.
පුරා ශාක විවිධත්මක හා පංශු වටිනාකමක් ඇති මෙම ප්‍රදේශ දැනට සංරක්ෂිත ප්‍රදේශ ලෙස ඉතාලි රජය විසින් ආරක්ෂා කර ඇති අතර මෙිහි අධ්‍යයනයන් සදහා ඔනේම පර්යේෂකෙයෙකුට කොන්දෙසි කිහිපයකට යටත්ව සිය අධ්‍යයනයන් සිදු කල හැකියග
රවීන්ද්‍ර කාරියවසමි

Leave a reply

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>