මුතුරාජවෙල සංහාරය නැවතී නැත

විනාශයට යන සමස්තයම සමඟ මුතුරාජවෙල අභය භුමිය ද අවිධිමත් මහා පරිමාණ ව්‍යාපෘති, නිසාත් රජය විසින් කූණු දැමිමට මෙම වගුරු භූමය තොරා ගැනීම නිසාත් මුතුරාජ වෙල විනාශ වීම ආරමිබ වී ඇත.

පසුගිය සතියේ දී මුතුරාජවෙල අභය භූමියේ අක්කර 406 ක් ගොඩකර නිවාස ව්‍යාපෘතියක් දියත් කිරීමට මැල්වත්ත ඩිවොලප්මන්ට සමාගමට දී තිබූ අවසරය ජනපති අනින් නැවතූ බව බොහෝ මධ්‍ය වාර්ථා කරන ලද අතර මුතුරාජාවෙල අභය භූමිය තුල සිදුවන සියළු විනාශයන් නැවැත්වීමට කටයුතු කරන බව එතුමා පවසා ඇත.

මේවා මධ්‍ය සංදර්ශණ පමණක බව වැටහෙන්නේ මේ වන විටත් මුතුරාජවෙල සිදුවන පරිසර විනාශය තවම නැවතී නොමැති නිසාය.අධිවෙිගී මාර්ගය මුතුරාජවෙල හරහා ඉදිකරමින් දැවැන්ත පාරිසරික විනෘශයක් එහි සිදුකිරීමට පසුගිය රජයන් කටයුතු කරන ලදී.ඉන් පසු විවිධ අවස්ථාවල මුතුරාජවෙල විටින් විට කොටසින් කෙටස විවිධ සමාගම් වලට බදුදෙන ලදී ජනපතිගේ සංදර්ශන සවාරියෙන් පසුවත් ජා ඇල සුදු වැල්ල ප්‍රදේශයේ අදටත් මුතුරාජවෙල අභය භූමය ගෙඩ කිරිමට ඇවැසි කටයුතු සිදු වෙමින් පවතී.

එමෙන්ම වත්තල හා ජා ඇල නගර සභා විසින් අදවන විටත් මුතුරාජවෙල වගුරු භූමියට කැලි කසළ ටොන් ගනන් ගොඩ ගසමින් ඇත. මුතුරාජවෙල හරහා ඇදෙන හැමිල්ටන් ඇලට ප්‍රදේශයේ කර්මාන්ත ශාලාවලින් පිටකරන අපද්‍රව්‍ය ප්‍රමාණය දිනෙන් දින වැඩි වෙිමින් පවතී.

කලක මුතුවැනි සම්බාවලින් අටුකොටු පිරවූ යුගයක් සුද්දා මෙරටට පය ගැසීමට පෙර තිබුණ බවට සාක්ෂි පවතී. ගුවීෆ් හැමිල්ටන් ආණ්ඩුකාරවරයා 1802 දී මෝඩ ඇළ සංවර්ධනයට මුලපිරීය. කැලණි ගඟ හා මීගමුව කළපුව අතර ප්‍රදේශය මෙමඟින් ආවරණය විය.
මෝඩ ඇළ(පසුව හැමිල්ටන් ඇළ) තැනූ පසු වෙනදා බලාපොරත්තු වූ සශ්‍රීකත්වය මුතුරාජවෙලින් බලාපොරොත්තු වීමට නොහැකි වූයේ මෝඩ ඇළ දිගේ කරදිය රට ඇතුළට ගලා ඒමෙන් වගා
කටයුතු කිරීම අපහසු වූ නිසාය. එම නිසාම වසර දෙසීයක් පමණ කාලයක් පුරාවට කුඹුරු වගා කටයුතු සඳහා මේ ඇළ ජලය යොදාගත්තේ නැත.

නමුත් පුරන් කුඹුරු, ඇළවල් හා ගං මෝයවල් ආශ්‍රීතවත් මීගමුව කළපුවට යාබදවත් ජෛව විවිධත්වයෙන් ඉහළ කඩොලාන පරිසරයක වසර ගණනාවක් තිස්සේ විවිද සතා සිව්පාවාට නිවහනක් වූ බව නොරහසකි. විවිධ පක්ෂීන්, වලිකුකුළන්, කඩොලාන පරිසරයට ආවේණික ජෛව විවිධත්වය හා සොඳුරු පරිසරයේ වටිනාකම සොයාගනිත්ම මුතුරාජවෙල අභය භූමියක් බවට පත්කිරීමට පරිසරයට
හිතැති මිනිස්සු උත්සූක වූහ.

වනජීවී සංරක්ෂණ දෙපාර්තමෙන්තුව යටතේ පාලනය වන මුතුරාජවෙල අභය භූමිය ආරක්ෂා කිරීමේ වගකීම පරිසර අමාත්‍යංශයට හා මධ්‍යම පරිසර අධිකාරියට පැවරී තිබේ. එසේ තිබියදී පරිසර අමාත්‍ය වරයාගේ මැදිහත් වීමෙින් මුතුරාජවෙල අභය භූමියේ ස්ථාන කිහිපයක කුණු දැමිමට පරිසර අමාත්‍ය වරයා නියෝග නිකුත් කරමින් සිටී.මෙි අනුව සමස්ථ මුතුරාජවෙල අභය භූමියම විනාශ කිරීමට රාජ්‍ය මැදිහත්වීම සිදුවෙමින් තිබේ.

එයින්ද නොනැවතී 2004 වර්ෂයේ දී ඉන්දීය රජය විසින් තහනම් කරන ලද ඉන්දියනු ෆාම් තෙල් ශුද්ධාගාරකිහිපයක් අද වන විට මුතුරාජවෙල අභය භූමිය තුළ ස්ථාපිත කර ඇත. මැලේසියාවේ හා ඉන්දියාවෙන් ෆාම් තෙල් මෙරටට ගෙන්වා ඒවා භාවිතයට ගත හැකි ලෙස සකස් කිරීම මෙම කර්මාන්ත ශාලා තුළදී සිදුකරයි. එලෙස තෙල් පවිත්‍ර කිරීමේ කටයුතුවලදී දහනය වන දුම මුතුරාජවෙල අභය භූමිය පමණක් නොව මුළු ප්‍රදේශය පුරාම දැඩි දුගඳක් පතුරුවයි.මෙලෙස දුම් මුදවා හැරීමට නිසි ප්‍රමිතීන් ඇතත් එය බල්ලෙකු තරම්වත් නොසලකා හරිමින් පරිසරයට මුදාහැරීමට කර්මාන්ත හිමියෝ අද වන විට කටයුතු කරමින් සිටිති.

එම නිසාම මුතරාජවෙල අවට ජනතාවට ජීවත්වීමට මහත් හිරිහැරයක් වී ඇත්තේ හුස්ම ගැනීමට පවා ඇති අපහසුතාවය නිසාය. එයින් පීඩාවට පත්වන ජනතාව මෙම කර්මාන්ත වසා දමන ලෙෂ උද්ඝෝෂණය කළද වගකිවයුත්තන් නිහඩව සිටීම ද ගැටලුසහගත තත්වයක් නිර්මාණය කිරීමට සමත් වී ඇත.ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්‍ෂක ඇතුළු පිරිසක් ප්‍රදේශයේ දේශපාලකයනුත් අභය භූමිය කුණු දැමිමිට අවශ්‍ය ඉඩකඩ පරිසර අමාත්‍ය වරයා සමග සකස් කොට ඇත.එමෙන්ම කර්මාන්ත ශාලා පවත්වාගෙන යාමට දෙන දායකත්වය නිසා නීතිවිරෝධි කර්මාන්ත ශාලා නිරුපද්‍රව ක්‍රීයාත්මක වේ.

වෙනත් රටවලින් පලවා හරින කර්මාන්ත ශාලා අපගේ රටේ ස්ථාපිත කිරිමට අවසර ලබා දීමට තරම් අපේ රටේ පාලකයෝ පෙළඹී ඇත්තේ බඩකට පුරවා ගැනීමට ඕනෑකරන විදේශ මුදල්ටික සාක්කුවට දමා ගැනීමට විය හැකිය. මුතුරාජවෙල අභය භූමියේ ජෛව විවිධත්වය පිළිබඳ අබමල් රේණුවක් තරම්වත් තැකීමක් නොකරන පාලකයන්ගේ ගොන්කම් නිසා අදවන විට මුතුරාජවෙල අභය භූමියේ හා අභය භූමි මායිම් තුළ ෆාම් ඔයිල් ශුද්ධාගාර හා යකඩ උණුකරන කර්මාන්ත ශාලා 6 ක් පිහිටුවා ඇත. මෙම කර්මාන්ත ශාලා හයක් උස්වැටකෙයියාව ප්‍රදේශයේ මෝඩ ඇළට මායිම්ව තිබේ.
මෙලෙස ඉදිකර ඇති කර්මාන්ත ශාලා අතර

01 ණගක්‍ගක්‍ ඉන්ජිනියරින්
02 ඬේරිබියම් ප්‍රයිවට් ලිමිටඞ්
03 වෙයාර් ඔයිල් ප්‍රයිවට් ලිමිටඞ්
04 රෙයාර් ඔයිල් ප්‍රයිවට් ලිමිටඞ්
05 ී.ඍ මැටල් ප්‍රයිවට් ලිමිටඞ්

යන කර්මාන්තශාලා ප්‍රධාන වශයෙන් මුතුරාජවෙල අභය භූමියට වින කටින දේශපාලන බලපුළුවන්කාරකම් උපයෝගී කරගනිමින් ඉදිවූ ඒවාය. මෙම කර්මාන්තශාලා මඟින් බැහැර කරන අපද්‍රව්‍ය මුතුරාජවෙල අභය භූමිය තුළටම බැහැර කරන අතර ෆාම් ඔයිල් කර්මාන්තශාලාවලින් බැහැර කරන අපද්‍රව්‍ය නිසා මුතුරාජවෙල තුළ ඇති ජල මූලාශ්‍රවලට තෙල් මිශ්‍ර වී ඇත.

ජා ඇල හා වත්තල නගර සභාවන් දැනටත් කුණු ගොඩ ගසන්නේ මුතුරාජවෙල අභය භූමයටයි මුතුරාජ වෙල ප්‍රදේශයට කුණු දැමිම හේතුවෙන් පරිසර අමාත්‍යවරා ඇතුළු ආයතන වනසත්ව හා හා වෘක්ෂලතා ආඥාපත පරිසර පනත වැනි පරිසර සංරක්ෂණය උදෙසා ඇති අණපනත් නීති රීති ගණනාවක් මෙම අනවසර ක්‍රීයා නිසා උල්ලංඝනය වූවද නඩු හා අනවසර කුණුත් දෙකම මහ උන්දැලාගේ කියා මිනිසුන්ට කට පියාගෙන සිටීමට අද වන විට සිදු වී ඇත.

1996.10.31 වැනි දින අභය භූමියක් ලෙස නම් කරන ලද මුතුරාජවෙල අභය භූමිය හෙක්ටයාර් 2569 විශාල බව කෘතියක සඳහන් කර ඇත. මෙම කෘතිය මධ්‍යම පරිසර අධිකාරිය මඟින් ප්‍රකාශයට පත්කොට ඇත. එසේ වූවත් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් ප්‍රකාශයට පත්කර ඇති ශ්‍රී ලංකාවේ තෙත් බිම් නමැති අත්පත්‍රීකාවට අනුව මුතුරාජලෙ අභය භූමියේ පළමුවැනි කොටස හෙක්ටයාර් 1028.6ක් ලෙසත් දෙවන කොටස හෙක්ටයාර් 256.8ක් ලෙසත් නම්කර ඇත. මුතුරාජවෙල සංරක්‍ෂණය කෙසේවෙතත් පරිසර අමාත්‍යාංශය යටතේ තිබෙන ආයතන දෙක තුළ මුතුරාජවෙල සම්බන්ධයෙන් ඇති දත්තවල පවා වෙනස්කම් දැකිය හැකිය.

මෙය වන සතුන්ගේ වාසස්ථානයකි. වන සතුන් දඩයම් කිරීම, වෙඩි තැබීම, මාළු අල්ලා ගැනීම, ඒ සඳහා උගුල් අටවා තැබීම, පක්ෂීන්ගේ බිත්තර ගැනීම වැනි ක්‍රීයා දඩුවම් ලැබිය හැකි වරදක්” යනුවෙන් වනජීවී අධ්‍යක්ෂකවරයාගේ අණ යටතේ පිහිට වූ පුවරු ප්‍රදේශය පුරාම දැකගැනීමට හැකිය.

මුතුරාජවෙල අභය භූමයේ සැබෑ ආරක්ෂාවට පියවර ගන්නේ නම් මින් මතු කිසිදු අකාරයක පරිසර විනාශයක් එහි වීමට ඇති ඉඩකඩ ඇහිරිය යුතුය එසේ නොවන්නේ නමි මධ්‍ය සංදර්ශණ වලින් පලක් නැත.පරිසර අමාත්‍යවරායා ලෙස ගරු මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම කරුණු පිළිබදව සිය අවධානය යොමු කරන්නේ නම් හා මුතුරාජවෙල සැබෑ ලෙස ආරක්ෂා කිරීමට පියවර ගන්නේ නම් කොළඔ ගංවතුරෙන් ආරක්ෂා කිරීමට ඇති මෙම වගුරු භූමිය ආරක්ෂා කර ගැනීමට හැකිවේ.

– රවින්ද්‍ර කාරියවසිමි –

th

Leave a reply

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>