නෙලූව ජාතික පාසලට තරුණ නිතීඥ සංගමයේ අත්වැල

`ගංවතුර හා නායයෑම් නිසා විපතට පත් වූ ගාල්ල දිස්ත‍්‍රික්කයේ නෙලූව ජාතික පාසලේ දුවා දරුවන් වෙනුවෙන් පාසල් උපකරණ ලබාදීමේ වැඩසටහනක් පසුගිය 17 වන දින තරුණ නීතීඥ සංගමයේ හා සොබා දහම් අධ්‍යයන මධ්‍යස්ථාන දායකත්වය හමුවේ සිදු විය.neluwa

bope

පසුගිය 25 සහ 26 දිනයන්හිදී දිවයිනේ දිස්ත‍්‍රික්ක රැුසකට බල පෑ ඟංවතුර සහ නායයෑම් තත්වයන් නිසා තවමත් ඉන් පීඩා විඳින ජනතාව නගන අදෝනාවන් අහන්නට දකින්නට ලැබේ.විශේෂයෙන්ම,මෙහිදී පාසල් දුවා දරුවන්ගේ අධ්‍යාපනයට විශාල බාධා පැමිණියේය.එනම් එකී ජල පහර බොහොමයක් දුවා දරුවන්ගේ ජීවිත බිල්ලට ගත්තේය.බහුතරයක් දරුවන්ට පොත පත,නිළ ඇඳුම ආදී සියල්ලම අහිමි කළේය.තවත් දරුවන්ට අකුරු කරන්නට තිබූ පාසල් පවා අහිමි කළේය.පාසල් වලට පාලම් හරහා යන්නට තිබූ මාවත් එකී පාලම් ආදිය ද සුනු විසිනු කරමින් විනාශ කළේය.හම්බන්තොට දිස්ත‍්‍රික්කයේ
පාතේගම(වලස්මුල්ල* කනිෂ්ඨ විද්‍යාලය එවැන්නකි.

මෙම ඟංවතුර තත්වය නිසා හානියට පත් දුවා දරුවන්ගේ පාසල් අධ්‍යාපනය නගා සිටුවීම උදෙසා රජයේ මැදිහත් වීම සහ ස්වේච්ඡුා සංවිධානවල ආධාර පිරිනැමීම ආදී නොයෙකුත් මැදිහත්වීම් මේ වන විටත් දැක ගත හැකිය.

එ් අනුව ශී‍්‍ර ලංකා තරුණ නීතීඥ සංගමයද ඔවුන්ගේ දායකත්වය දිවයිනේ බොහෝ පාසල් වෙනුවෙන් දියත් කරන්නට යෙදුනේ මෙකී තත්වයේ මූලික අවදියේ සිටමය.ඔවුන් පාසල් දරුවන් වෙනුවෙන් ප‍්‍රමාණවත් පරිදි පොත් පත් ආදී වූ පාසල් උපකරණ ඇතුලූව පාසල් බෑග්,නිළ ඇඳුම් සඳහා අවශ්‍ය රෙදි,සපත්තු ආදී අංග සම්පූර්ණ පාසල් උපකරණ කට්ටල ප‍්‍රධානය කළේය.නෙලූව ජාතික පාසලද ඔවුන්ගේ ආධාරයක් ලැබීමට යෝජිත වූයේ එම විද්‍යාලයේ විශාල ළමුන් පිරිසක් අධ්‍යාපනිකමය වශයෙන් අවතැන් වී සිටි නිසාය.

ශ‍්‍රී ලංකා තරුණ නීතීඥ සංගමයේ සභාපති – නුවන් බෝපගේ,ලේකම් – මන්ජු ශ‍්‍රී යන මහත්වරුන් සහ ප‍්‍රධාන නිළදාරීන් කිහිප දෙනෙක් පසුගිය 17 වැනි දා එම අවස්ථාවට සම්බන්ධවත් විය.

විශේෂයෙන්ම,මෙහිදී පරිසර හා සොබා දහම් අධ්‍යයන මධ්‍යස්ථානය/සොබා දහම් පාසල ද එම වැඩ සටහනට එක්කාසු විය.එම පරිත්‍යාගයන් පිරිනැමීමට පෙර සොබා දහම් පාසල හරහා පරිසර විනාශයට හේතු,ඟංවතුර ඇතිවීමට බලපෑ මිනිස් ක‍්‍රියාකාරකම් සහ වර්ථමානය වන විට ස්වභාවික ආපදා තත්වයන් මිනිසාට එරෙහිව ඕනෑවටත් වඩා වැඩියෙන් නැගී සිටීමට හේතු ඇතුළත් දේශනයක්ද ඉදිරිපත් කරනු ලැබීය.

මෙහිදී මෙම පාසල් උපකරණ ප‍්‍රධානය කිරීමට පෙර ශ‍්‍රී ලංකා නීතීඥ සංගමයේ ලේකම් මන්ජු ශ‍්‍රී මහත්මා ප‍්‍රකාශ කළ වැදගත් වැකියක් විය.‘‘අපි නුඹලාට මේ දේවල් පිරිනමද්දී නුඹලා අප වෙත වැඳ නමස්කාර කොට නුඹලාගේ අභිමානය පළදුකොට ගන්න එපා’’ යි යනුවෙන් ආමන්ත‍්‍රනයක් විය.එයින් ඔවුන්ගේ විනිද භාවය අව්‍යාප්ත්වය මැනවින් පිළිඹිබු විය.ඔවුනට මේ සඳහා මූල්‍යමය උදවු උපකාර කළා වූ සියලූ ආයතන වලට, පුද්ගලයන්ටද අපි කෘතවේදී වෙමු.

සිරුරේ ඇට,මස්,ලේ,නහර ආදී වූ බලවත් අවයවයන්ට අනුන්ගේ දුකේදී ඇතිවන,දැනෙන හදවත් කැකෑරවීමේ ගුණය බොහොමයක් මිනිසුන්ට පිහිටන්නා වූ දෙයක් නොවේ.හෘර්ද සාක්ෂියකට එකඟවම ඔවුනට ජනප‍්‍රිය වීමේ උරුමයක් හො එවැනි චේතනාවක අවශ්‍යතාවයක් කෙදිනකවත් ඇති නොවන වග සැබෑවකි.එවැනි සාමූහිතයකින් සුසැදී තරුණ නීතීඥ සංගමයට අපගේ ආචාරයත් පුදකළ යුතුය.තවද අසංවේදී මිනිසුන්ගේ හිරිහැරයට ලක් වූ මේ සංවේදී සොබාව සෞන්දර්ය විටින් විට රුදුරු වෙසක් මවාගනිමින් ලොවට ගෙනෙන වේදනාව හමුවේ සොබාදහමට බැණ වැදී ෙදාස් නගන ජනතාවක් වෙනුවට සොබාදහමට ළබැදි සාමූහිතයක් ගොඩ නැගීමට වෙහෙස ගන්නා පරිසර හා සොබා දහම් අධ්‍යයන මධ්‍යස්ථාන වැනි එකමුතූන්ටද අපගේ ස්තුතිය පළකල යුතුය.අවසාන විග‍්‍රහය තුළ
ඇත්තේ ද පරිසරය අභිබවා යාමට මිනිසාට කෙදිනකවත් නොහැකි බව යන්නයි.

ටී.ඞී.කේ.එ්.ප‍්‍රසන්න.

Leave a reply

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>