සංවර්ධනය මිනිස් ජීවත මත ඇද වැටුනතුරු බලා හිදිමුද

සෙව්වන්දි හෙට්ටිආරච්චි
සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානය

download (1)

අද වන විට ශ්‍රීලංකාව දරුණු ආපදා තත්ත්වයකට මුහුණපාමින් සිටියි. හුදෙක් මෙයට හේතුව වනුයේ ආපදා තත්ත්වයට ඍජුව ම බලපාන හේතුව නම් අදූරදර්ශී සංවර්ධන ක්‍රියාවලියි
සංවර්ධනය වනාහි වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම සියලුම මිනිස් ජීවිතවල ගුණාත්මක තත්ත්වය ඉහළ නැංවීමයි. දිළිඳූකම විරැකියාව පිටු දකිමින් ඉහළ ජීවන මට්ටමක් ළගා කර ගැනීම සඳහා යෝග්‍ය ආර්ථික වෘද්ධි ක්‍රියාවලියක් සමඟ මිනිසුන්ගේ ආත්ම අභිමානය වර්ධනය කරගැනීම සඳහා හිතකර ආර්ථික, සමාජික, දේශපාලනික පාරිසරික සහ ආයතනික ව්‍යුහයක් ඇති කිරීමයි. තව ද එම සංවර්ධනය තිරසාර සංවර්ධනයක් විය යුතුමය. එනම් වර්තමාන පරපුර විසින් සම්පත් භුක්ති විඳීමේදී අනාගත පරපුරට සම්පත් භක්ති විදීමේ හැකියාව තහවුරු වන ආකාරයෙන් සිදුකරන සංවර්ධනයයි. එය ආර්ථික සාමාජික පාරිසරික වශයෙන් ප්‍රධාන පැතිකඩ තුනක් ආවරණය විය යුතුය.
අද වර්තමානයේ පාලකයන් සංවර්ධනයේ මුවාවෙන් සිදුකරනුයේ එක් නීච මායාවකි. එම නීච මායාවේ අඳුරු සෙවනැලි අද වන විට සිය ගණන් ජීවිත බිලිගෙන හමාරයි. නමුදු මෙය ආරම්භය මිස අවසානය නොවේ. ඒ කෙසේ වුවද අදටත් හෙටටත් පාලකයින් මිනිසුන්ගේ දෑස් වසා සංවර්ධන මායාව සිදු කිරීමට නියමිතය. අද වන විට ශ්‍රී ලංකාවට ඇති වී තිබෙන මෙම ආපදා තත්ත්වය හුදෙක් ම දේශගුණික විපර්යාසයක් පමණක්වත් රතු විතාන වැනි ජෝතීශ්‍යවේදීන්ට අනුව ග්‍රහදෝෂයක් නිසා ඇතිවුවක් වත් නොවේ. අදුරදර්ශී පාලකයන්ගේ සංවර්ධනය නම් වූ විනාශය නිසා ඇතිවුවක් බවක් සක් සුදක් සේ පැහැදිලිය.
මන්ද අතීතයේදී මෙවැනි වැසි ඇතිවිය උදාහරණ වශයෙන් ඉපැරණි ජන සමාජයේ මුතුන් මිත්තන්ට අනුව එකල ද හත්දා වැසි, තුන්දා වැසි, නාකපන වැසි වැනි මහවැසි ඇති වී තිබේ. නමුදු මෙවැනි විශාල ගංවතුර ආපදා තත්ත්ව නායයාම් සිදු නොවීය. එකල ගංගා විසින් ස්වාභාවික ව ජලය ගලායාම සඳහාත් උරා ගැනීම සඳහාත් සැකසී තිබූ ප්‍රදේශ නිසි ආකාරව පැවතිණි. නමුත් අද වර්තමානයේ එම ගංගා නිම්න ආශ්‍රිතව ඇතිකරනු ලැබූ හෝටල්, අධිවේගී මාර්ග වැනි සංවර්ධන ව්‍යාපෘති නිසා ගංගාවන් ස්වභාවිකව නිර්මාණය කර තිබූ එම අංග අවහිර වී ජලය බැසයාමට තිබූ ක්‍රමවේදය ඇහැරී තිබේ.
අද වනවිට ඇති වී තිබෙන මෙම ගංවතුර නායයාම් වැඩි තත්ත්වයක් සඳහා නිසැකවම බලපානුයේ අදුර දර්ශී අවිධිමත් සංවර්ධනයයි. ලෝක බැංකුවේ අවශ්‍යතාව මත 2011-2030 දක්වා කාලය තුළ රටේ භෞතික සංවර්ධනය උදෙසා යයි පවසමින් මේ වනවිට රජය ජාතික භෞතික සැලැස්ම යනුවෙන් සංවර්ධන සැලැස්මක් සකස් කොට ඇත. එය පසුගිය ආණ්ඩුව මගින් ආරම්භ කළ අතර කොටස් වශයෙන් මෙම ආණ්ඩුව විසින් කරගෙන යනු ලබයි.
2030 භෞතික සංවර්ධන සැලැස්මට අනුව ගිවිසගත් සංවර්ධන ව්‍යාපෘති කිහිපයක් හා මෙවැනි ස්වභාවික ආපදා ඇතිවිය හැකි සංවර්ධන සැලසුම් මෙසේ සංෂිප්ත කර දැක්විය හැකිය.
 අධිවේගී මාර්ග ජාලය
 රට පුරාම ඇතිවන දුම්රිය මාර්ග ජාලය
 2030 ලංකාව තුළ ඇතිවන පාරිසරික හෝටල් සහිත සංචාරක කලාප
 මුහුදු ආශ්‍රිත සංචාරක කලාප
 හලාවත සිට උතුරට හා දකුණටත් අනුරාධපුර පොළොන්නරුව වැනි ඓතිහාසික නගරත් බිබිල නිල්ගල වැනි බිම් ආශ්‍රිතව හා අනෙකුත් වනාන්තර ප්‍රදේශවල ඉදිකරනු ලබන හෝටල් සංකීර්ණ
 2030 වන විට ලංකාව ගුවන් මධ්‍යස්ථානයක් බවට පත් කිරීම.
ඒ යටතේ කටුනායක ගුවන් තොටුපල පුලුල් කිරීම හා මත්තලට අමතරව හඟුරන්කෙත ප්‍රදේශයේ ගුවන් තොටුපලක් ඉදිකිරීමට සැලසුම් කර තිබීම.
 2030 අවසානය වනවිට ලංකාව තුළ ගුවන් තොටුපොල වැඩිදියුණූ කිරීම.
 අනුරාධපුර, උතුර, උතුරු මැද, වයඹ ප්‍රදේශ කිහිපයක්, මොණරාගල ප්‍රදේශ කිහිපයක්, පලතුරු, එළවළු, රටකජු, උක්, ෆාම් ඔයිල් හා විකිණිය හැකි දැව ඇතුළුෑ බෝග වගා කිරීමට බහුජාතික සමාගම් සඳහා එම ඉඩම් පැවරීම.
 මුහුදු තීරය විනාශ කර දැවැන්ත සංවර්ධන ව්‍යාපෘති සිදුකිරීම. (වරාය නගර)
 ගොවි බිම් මුල් කරගනිමින් මහනගර කලාප, විශේෂ නගර, දිස්ත්‍රික්ක අගනගර, ආයෝජන කලාප, තොරතුරු තාක්ෂණික කලාප වැනි වානිජ ප්‍රදේශ බිහි කිරීම.
2030 වන විට වර්ග කිලෝ මීටර් 65-525 වන මේ ශ්‍රී ලංකාව තුළ මෙවැනි විශාල සංවර්ධන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට නියමිතයි. එහෙත් අපට වසර සියයකට පෙර සංවර්ධනය සඳහා යයි කියා මුළු යුරෝපා රටවල් පුරාම මෙවැනි සංවර්ධන ව්‍යාපෘති, මහනගර ඇතිවිය. නමුත් අද වන විට එම සැලසුම් මහ නගර විනාශ වී යාම ආරම්භ වී ඇති අතර මිනිසුන් එම නගර අතහැර ජීවත් වීමට සුදුසු ස්ථාන කරා සංක්‍රමණය වීම ආරම්භ කර ඇත.
ඒ අනුව 2011-2030 වන විට ක්‍රියාත්මක කිරීමට නියමිත ජාතික භෞතික සැලැස්ම නිසා මෙතෙක් ආරක්ෂිතව පැවති පරිසර පද්ධති රැසක් දැවැන්ත හානියකට පත්වනු ඇත. අද වනවිට ඇතිවන මෙම ජල ගැලීම් සඳහා හුදෙක්ම හේතු වූයේ ප්‍රධාන වශයෙන් ඉදි වූ කොළඹ-මාතර අධිවේගී මාර්ගය හා කටුනායක කොළඹ අධිවේගී මාර්ගය නිසා මුතුරත්වෙල ඇතුළු වටිනා පරිසර පද්ධති විනාශ වී යාම හේතුවෙනි. මෙවැනි වැසිකාල වලදී ජල ගබඩාවක් ලෙසින් ගං වතුර තත්ත්වයක් ඇති වූ අවස්ථාවලදී එම ජලය පාලනය කර රඳවා තබා ගත් මුතුරාජවෙල වගුරුබිම හුදු වගුරු බිමක් ලෙස සළකා සිදුකරන ඉදිකිරීම් හා පාරිසරික හායනයන් නිසා මේ වනවිට දැඩි ගංවතුර තත්ත්වයකට මුහුණ දෙමින් සිටී.
ලෝකයේ වෙනත් රටවල අධිවේගී මාර්ග ඉදිකිරීමේ පරිසර පද්ධති ආරක්ෂා කර ගනිමින් එම මාර්ග ත්‍කාන්ක්‍රීටි කණු මත ඉදිකිරීම් සිදුකරයි. නමුදු ලංකාව තුළ සිදුවූයේ කඳු පන්ති විශාල වශයෙන් විනාශ කර පසු පුරවා මාර්ග තැනීමයි. එවිට විශාල පරිසර හානියක් සිදුවේ. උදාහරණ ලෙස රිලාගලයාය, ගම්මුන්නාව වැනි කඳු පන්ති විනාශ කිරීම ගත හැක. අද වන විට ගංවතුරෙන් පීඩා විඳින මාතර, ගාල්ල, ඇල්පිටිය, අම්බලන්තොට, කුරුඳුගහතැන්න වැනි ප්‍රදේශ මෙසේ ආපදාවට ලක්වීමට ප්‍රධාන හේතුව වූයේ කඩුවෙල-මාතර අධිවේගී මාර්ග ඉදිකිරීමෙදී ලංකාවේ ගංගා නිම්න 04ක ගංවතුර පාලනය සඳහා සවභාවිකව ඇති වූ භූමිය අවහිර කරමින් විනාශ කරමින් ඉදිකිරීම් සිදු කිරීමයි. එනම් කැළනි-කළු-නිල්වලා-ගිංගඟ යන ගංඟා නිම්න ආශ්‍රිත ස්වභාවිකව සැකසුන ගංවතුර පාලන ප්‍රදේශය අවහිර කරමින් ගංගාවට හිමිවන සීමාව පමණක් ඉතිරි කර ඉදිකිරීම් සිදු කිරීමයි.
තව ද 2030 භෞතික සංවර්ධන සැලැස්මට අනුව සිදුකිරීමට නියමිත අධිවේගී මාර්ග ජාලය තුළින් ලංකාව තුළ පවතින ගංඟා නිම්න 103ක් අවහිර වීමට නියමිතය. එවිට මෙවැනි වැසි කාලවලදී ලංකාව තුළ රැස්වන ජලය ගාලායාමට ඉඩක් නොමැති වන අතර ශ්‍රී ලංකාව ජලතටාකය බවට පත්වනු ඇත.
සංවර්ධනයක් නම් එය තිරසාර එකක් විය යුතුය. අනාගත පරම්පරාවට භුක්ති විඳීමට හැකි ලෙස සම්පත් ඉතිරිවිය යුතුය. මිනිසුන්ගේ දෑස් මායාවකින් වසා සිදුකළ මෙම සංවර්ධනය හේතුවෙන් ඇති වූ මෙම ආපදා තත්ත්වය හුදෙක් දේශගුණික විපර්යාස හා ග්‍රහදෝෂ යැයි පවසමින් පාලකයන් නැවත සිදුකරනුයේ මිනිසුන් රැවටීමයි ලංකාවට මෙම ආපදා තත්වය ආරම්භය පමණි අවසානය නොවේ මන්ද 2016 වසරේදීත් මෙවැනි ජල ගැලීම් ඇති විය. මේි වසරේ fමි වන විටත් ඇති වී තිබේ. අනාගතය කෙසේ නම් විය හැකිද වනාන්තර වැස්ම විනාශ කරමින් ගංගා නිම්න ප්‍රදේශ වෙරළබඩ ප්‍රදේශ විනාශ කරමින් පාලකයන් සිදුකරන මෙම අදූරදර්ශී සංවර්ධන මායාව දෙස හඩ නොනගා බලා සිටිය හොත් මේ ගහ කොළ සතාසිවුපාවන් ජනතාව තම ජීවිත වලින් වන්දි ගෙවීම අද සිදුවුවාසේම හෙටත් සිදුfවි.

Leave a reply

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>