ගස් කපා තේ වාගාකල නිසා රන්මලේ කන්ද කොටසක් නාය යයි

ටී.ඩී.කේ.ඒ.ප්‍රසන්න.
පරිසර හා සොබාදහමි අධ්‍යයන මධ්‍යස්ථානය

18870723_1929316797299866_669190402_n

පසුගිය24,25 යන දිනයන් තුළදී ඇද හැලුනු අධික වර්ෂාව නිසාවෙන් දිවයිනේ කඳුකර පද්ධති කීපයක්ම නාය යෑමේ අවදානයට යොමු විය. හම්බන්තොට දිස්ත්‍රික්කයේ වලස්මුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයට අයත් “ රන්මල” කඳු පද්දතියේ බොහෝ ප්‍රදේශයන් විශාල වශයෙන් නාය යෑම් වලට ලක් විය.
නිවර්තන වැසි වනාන්තර ගහණයකින් ස්වයංපෝෂිත වූ රන්මල කන්ද ඓතිහාසිකමය වටිනාකම් මැවූ සංදිස්ථානයකි. රන්මල කඳු කොමලිය පාමුල ජීවත් වන්නා වූ මානවයා තමන්ගේ ප්‍රධාන ජීවනෝපාය කරගනු ලබන්නේ තේ වගාවයි. ඔවුන් තම වගාවන් පු`ඵල් කිරීමේ දී ඔවුන්ගේ ඉඩම්වල ඇති උසට වැඩුනු ගස් වැල් ඉවත් කරනු ලැබීය. තවද ඔවුන් රක්‍ෂිත ප්‍රදේශයන්ද අත්පත් කර ගැනීමට තරඟකාරී විය. මේ නිසාවෙන් හානි සිදුවූයේ ඉපැරණි රන්මල කඳු පද්දතියටයි. ඒ බැවු අදවන විට සක් සුදක් සේ පැහැදිලිය.
මීට වසර 14 ට කලින් එනම් 2003 වර්ෂයේ ඇති වූ අධික වර්ෂාධික සමයක රන්මල කඳු කොමළියේ “ සපුතන්ත්‍රී කන්ද” නැමති ප්‍රදේශයේ අක්කර 08 ක පමණ කොටසක් නාය යෑමට ලක් විය. එහිදී ජීවිත හානි 28 ක් වාර්තා විය. පසුගිය 24 සහ 25 යන දිනයන්හිදී අදහැලුනු වර්ෂාව නිසා මීට වසර 14 ට කලින් නාය යෑමට ලක් වූ එම ස්ථානයම යළිත් අක්කර 04 ක 05 ක පමණ ප්‍රදේශයක් සුනු විසුනු කරමින් නාය යෑමට ලක් වී ඇත.වාසනාවකට මෙන් පූර්ව දැනුම්දීම් නිසා මෙහිදී ජීවත හානි වාර්තා උනේ නැත.තවද තලපත්කන්ද,වීදපොල, දෙනිහේන ආදී රන්මල කඳු පද්දතියේ ඉහළ කොටස් කීපයක්ම මේ වන විට නාය යෑමේ දැඩි අවදානමක පවතී
එම ස්ථානයන් වල දැවැන්ත අගාධ ඇති කරමින් ඉරිතලා ගියා වූ ස්වභාවයක් මේ වන විට පවතී. එකී ප්‍රදේශ අවට සෑහීමකට පත්විය හැකි ජනගණත්වයක් පවතින නිසා දැවැන්ත අවදානමක් පවතින බැවු සඳහන් කළ යුතුය.“දෙනිහේන” යන ස්ථානයේ මේ වන විට අක්කර එක හමාරක පමණ කොටසක් එක දිගට ඉරිතලා ඇති බැවු හඳුනාගත හැකිය.
ඉතිහාසය නපුරු දඬුවම් ගෙනාවේය. රන්මල කඳු පද්දතිය ඒ බැවු සනාථ කරයි. මීට වසර 14 ට කලින් ජීවත හානි ඇති කළානම් ඉවක් බවක් නැති පරිසර විනාශයන් හමුවේ අද වන විට ඉවත බලා ගෙන සිටිය නොහැක.
රන්මල කඳුකොමලිය වෙත ඇදහැලෙන වර්ෂාවන් කඳු අතර වූ නිම්න දිගේ පිවිස “රන්මහලේ ඇල්ලෙන්” දැකුම්ක`ඵ සිතුවම් මවමින් කිරම ඔයට සේන්දු වන්නේය. වලගම්බා රජ දවස රත්‍රන් මාලයක් එම ඇල්ලේ කොටසක සඟවා තබා තිබුනායැයි විශ්වාසයක් ඇත. එම නිසා රන්මහලේ ඇල්ල ලෙස ප්‍රසිද්දියට පත්ව ඇත. වලගම්බා රජ දවස ඉදි වූ සිත්තම්ගල්ලෙන රජ මහා විහාරය,කිරම ඔය මෙකී ඓතිහාසිකමය බව තහවුරු කරයි.
නමුදු කිව යු කාරණාව එහි ගුණ කථනයක් නොව ඉකුත් වැස්ස ඇති කළ දැවැන්ත විනාශයයි.එනම් දැවැන්ත ජලදාරාවන් රැගෙන ආ රන්මලේ ඇල්ල කිරම ඔයටද හානි පමුනුවමින් එකවර සක්‍රීය විය. මේ නිසා කිරම ඔයට දරාගත නොහැකි ජලය වරාපිටිය – ඌරුබොක්ක ප්‍රධාන මාර්ගය අඩි 18 ක් පමණ යට කරමින් පිටවාන් දැමීය. එහිදී වරාපිටිය මන් සන්ධිය මුලුමණින්ම යට විය. කඩ සාප්පු සියල්ලක්ම පාහේ ජල පහරට හසුව විනාශ විය. එකී පිටවාන් දමන ලද ජල කඳ පාතේගම, හඳුගල, කැටියපේ, දෙයියන්දර ආදී ප්‍රදේශ යට කරමින් හඳුගල ගඟ ඔස්සේ මාකඳුර , කඹුරුපිටිය හරහා නිල්වලා ඟං දෙසට සේන්දු විය. එම තත්වය නිසා මුලුමනින්ම නිවාස අහිමි වූවන්,දේපල අහිමි වූවන් කිසිවකුගේ සහනයක් නොමැතිව තවමත් පීඩා විදින්නේය. විශේෂයෙන්ම හඳුගල ග්‍රාමයේ එකී පරිදි ඇති වූ ඟංවතුර තත්වයට මුහුණදුන් නිවාස 30 ක් පමණ හඳුනාගත හැකිය.
සමහරක් නිවාස වල මේ වන විට අත්තිවාරම පමණක් ඉතිරිව ඇත. ජීවන හානි නොගෙනාවදමහා විනාශයකට මැදි වූ “ හඳුගල ගම” එහි යන ඕනෑම කෙනෙකුට දැනටත් ඒ පරිදිම හඳුනාගත හැකි ලෙස නටඹුන් පවා ඇත. ඔවුන්ට මේ වන විට ඉතිරිව ඇත්තේ තමන්ගේ ඇඳි වත පමණි.ඔවුන්ගේ ජන ජීවිතය සියයට සීයක්ම අඩපණ වී ඇත.

කිරම ඔය පිටාර ගැලීම නිසාවෙන් ඟං වතුර උවදුරු වලට ගොදුරු වූ හැමදාමත් නම් නොකියවෙන හඳුගල ග්‍රාමවාසී ජනතාව මෙම වාරයේ දැවැන්තසංහාරයකට ලක් වී සිටියත් කිසිදු ආධාරයකට හිමිකම් කියා නැත. මේ වන විට ප්‍රදේශීය ලේකම්කාර්යාලය හරහා ඔවුන්ගේ විනාශයේ තරම මැන බැලීමක් පමණක් සිදු වේ.

රන්මල කඳු කොමලිය අනාගතයට රැගෙන යන්නට එමපෙදෙස්වල ජීවත් වන මානවයා දැනුමෙන් ස්වයංපෝශිත කළ යුතුය. එසේ නොමැති උවහොත් “රන්මල කන්ද” යන්න තවත් එක “සාමස්සරක්” වනු ඇත. ඒ වාගේම හැමදාමත් ඟංවතුර නිසාරටේ අවදානමට ලක් නොවන හඳුගල ග්‍රාම වාසී ජනතාව වෙනුවෙන් ද නිසි අවදානමක අවශතාවක්යොමු කළ යුතුය. වලස්මුල්ල ප්‍රා:ලේ:කො: ඉහතින් සඳහන් කළ ප්‍රදේශවල ජීවත් වන මිනිසුන්නාය යෑම් සහ ඟංවතුර යන්නා වූ ව්‍යසනයන් දෙකටම ගොදුරු වන පිරිසක් බව පැහැදිලිය.

Leave a reply

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>